Benefits of Water





ජල‍යෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබ දන්නවාද? ඔබේ ශරීරයේ බරෙන් 60% ක් පමණ ජලය තිබෙන බව.ශරීර උෂණත්වය පාලනය කිරීමට හා ශරීර ක්‍රියාකාරීත්වයන්ට ජලය ඉතාමත්ම වැදගත් වෙනවා.ඔබේ ශරීරයට අවශ්‍ය කරන ජලය ප්‍රමාණය ඔබ ජීවත් වෙන පරිසරය අනුව වෙනස් වෙනවා ඒ වගේම කාලගුණය මතද ඔබට අවශ්‍ය ජලය ප්‍රමාණය තීරනය වෙනවා.

ඔබේ ශරීරයේ පටක,  එ වගේම හන්දි  ජලය මගින් ආරක්ෂා කරයි

ජලය ඔබේ පිපාසය සන්සිදවනවා වගේම ඒමගින් ඔබේ ශරීරයේ උෂ්ණතවයද පාලනය කරනව.එමගින්  ඔබේ ශරීරයේ තිබෙන පටක වල තෙතමනය  ආරක්ෂා කරමින්,පටක වල ක්‍රියාකාරිත්වය වැඩි කරනව.තවද ජලය ලිහිසි තෙල් වර්ගයක් ලෙස ක්‍රියා කරමින් හන්දි වල ක්‍රියාකාරිත්වය වැඩි කරයි

ආහාර දිරවීමටද ජලය උදව් කරයි

ආහාර දිරවීම ආරම්භ වන්නේ කෙල වලිනි කෙල වල ප්‍රධාන සංඝඨකය වන්නේ ජලයයි.තවද ආහාර බඩවැල දිගේ පහලට ගමන් කිරීමට කෙල උදව් කරනව.ඒ වගේම ආහාර වල අති පෝෂක අන්ගුලිකා වලට උරා ගැනීමට ජලය උදව් වෙනවා.

ඔබට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය කොපමණද?


මේ සදහා විශේෂිත වු  ස්තිර ජල ප්‍රමානයක් කිව නොහැක.නමුත් සමාන්‍ය පුද්ගලයෙකු දිනකට ජලය ලීටර් 2ක් වත් පානය කල යුතු වන අතර එම ප්‍රමාණය පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වේ.තවද තමන්ට අවශ්‍ය ජල ප්‍රමාණය පානය කර අතිදැයි තමන්ටම  නිරීක්ෂණය කල හැක.මුත්‍ර වල පැහැය තද පාටක් නම් තමන් පානය කල ජල ප්‍රමාණය ප්‍රමාණවත් නැත. මුත්‍ර වල පැහැය පෙහැදිලි පාටක් නම් ප්‍රමාණවත්ව ජලය පාණය කර ඇත.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමෙන් වකුගඩු, හා මුත්‍රාශය සම්බන්ද රෝග සෑදීමේ සම්භාවිතවය අඩුවන අතර මුතාශයේ ගල් වකුගඩු වල ගල් ඇතිවීම වලක්වනවා.







හදවතට ගුණදායි මෙම පලතුර පිළිබදව ඔබ දැනුවත්ද?





අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ ඔබට ඉතාමත්ම වැදගත් පලතුරක් වන,
හදවතේ පැහැය මෙන්ම හදවතේ හැඩය සොරාගත් ස්ට්‍රෝබෙරි සම්බන්දවයි.ස්ට්‍රොබෙරි තරම් හදවතට ගුණදායී පලතුරක් තවත් නැත කීවොත් අප නිවැරදියි.
මෙම පලතුර ආහාරයට ගැනීමෙන් 32% පමණ හෘදයාබධ වලක්වා ගත හැකි බව එංගලන්තයේ හෝවිච් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් සොයගෙන ඇත

ස්ට්‍රොබෙරි මගින් අපිට ලැබෙන වාසි මොනවද?

1)රුධිර පට්ටිකා  නිපදවීම වැඩිකරයි,
 පොලිෆිනොල්  අන්තර් ගත නිසා හා පොටෑසියම් 16.60 මිලි ග්‍රැම් අන්තර්ගත වීම නිසා හෘදයාබධ අති වීම වලක්වනු ලැබේ.

2)දියවැඩියා තතවය සුව කිරීමට ද ස්ට්‍රෝබෙරි වලට හැකියාව ඇත
ස්ට්‍රෝබෙරි වල  පවතින කැලරි ප්‍රමාණය ක්ෂණිකව රුධිරයට උරා ගැනීම නිසා රුධිර ගත සීනි මට්ටම පාලනය වේ.තවද ස්ට්‍රෝබෙරිවල  කැලරි ප්‍රමාණය අඩු වීමද දියවැඩියා රෝගීන්ට අත්වන  තවත් වාසියකි

3)ගර්භනී මව්වරුන්ට  අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වේලකට  මෙම පලතුර ඉතාමත්ම වැදගත්  වේ,එයට හේතුව වන්නේ මුල් මාස තුන තුලදී දරුවාට අවශ්‍ය ෆෝලික් අම්ලය ස්ට්‍රොබෙරි තුල වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වන නිසාය.එමගින් දරුවාගේ විකෘතිතා, මානසික දුබලතා එ‍යින් මැකී යයි.

4)ඇදුම රෝගය වලක්වා ගැනීමට ස්ට්‍රෝබෙරි අහාරයට ගැනීමෙන් හැකිවේ.ඒ වගේම කැස්ස,හොටු දියර ගැලීමත් වලක්වා ගැනීමට මෙමගින් හැකියාව ඇත

5)නින්ද නොයාම මානසික පීඩනයට  ස්ට්‍රෝබෙරි ඉතාම හොද ඔසුවකි

6)මුක්ත කණඩක ඉවත් කිරීමේ හැකියාව ඇති නිසා පිළිකා සෛල ඉවත් කිරීමටද මෙම ඔසුව ඉතාමත වැදගත් වේ

7)රුදිර පීඩනය පාලන කිරීම,රුධිරය කැටිති සිරවීම නිසා ඇතිවන අංශඹ්හාග තත්වයද  ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් වලක්වාගත හැක

8)ස්ට්‍රෝබෙරි යුශ පානය කීරීමෙන් ශරීරයට අවශ්‍ය  යකඩ අවශෝෂණය කරයි.

9)ස්ට්‍රෝබෙරි වල ඇති තන්තු මය ස්ව්භාවය මගින් මලබද්ධය  තුරන් කරයි

මෙම ලිපිය යහලුවන්ටත් කියවීම සදහා share කරන්න.

මුත්‍රා ගල් ගැන දැනුවත් වෙමු

මුත්‍රා ගල් ගැන දැනුවත් වෙමු



බොහෝමයක් රෝග  වගේ මුත්‍ර ගල් ඇති වීමට හේතුව තමයි  තමන්ගේ තියෙන නොසැලකිලිමත්කම. අපි මුලින්ම බලමු මුත්‍ර ගල් අති වෙන්නට හේතුවන කරුණු කාරනා මොනවාද කියල...

1)මූලිකම හේතුව වන්නේ ප්‍රමාණවත් තරමට වතුර නොබීම.
2)අහිතකර ආහාර පාන පරිභෝජනය
අහිතකර ආහාර පාන කියන්නේ අන්නසි,අච්චාරු විනාකිරි, බහුල ආහාර පරිභෝජනය කිරීම
3)කිවුල් ජලය පානය කිරීම
තවද මුත්‍රා නොකර තද කරගෙන සිටීම වැනි ක්‍රියාකාරකම් නිසා මුත්‍රා ගල් අති වීම සිදුවේ

රෝග ලක්ෂණ


1)කොන්ද කැක්කුම
2)මුත්‍ර දැවිල්ල
3)දෙපා හිරි ගතිය
4)යටි බඩ කොරවීම
5)වමන ස්වභාවය
6)කෑම අප්‍රිය වීම
7)මුත්‍ර සමග ලේ යාම
8)මුත්‍ර පිටවීමේ වේගය ඉතාමත් අඩුවේ

මුත්‍රා ගල් වලට අත් බෙහෙත් කීපයක්


මුත්‍ර ගල් වලට අක්කපාන ඉතාමත්ම ගුණ ඔසුවකි.අක්කපාන කොල මලවා කෑම ඉතාමත්ම හොදයි,ඒ වගේම සම්පූර්ණ ශාකයම  ගෙන කොටා යුශ අරගෙන මීපැණි දාලා දවස ගානේ පාන්දරම හිස් බඩ බීවම ගල් දියවෙනව.
හේන් කැකිරි ඇට කැද වගේම,එම කැකිරි ඇට අඹරා කැකිරි මාලුවට දමා කෑමත් ඉතාමත් හොදයි.

යහලුවන්ටත් දැන ගැනීම සදහා Share කරන්න

අත් බෙහෙත් කීපයක්(නිල් අවරිය)

සුවිශෙෂී ගුණ සමුදායකින් හෙබි නිල් අවරිය ශකයේ පංචන්ගයම ඖෂධ පිණිස යොදගැනේ,එනම් කොළ, පොතු, මල්,ගෙඩි සහ මුල් ය.නිල් අවරිය ශාක ප්‍රභේද දෙකකි.
1)අවරිය(නීලිනී)
2)මහ අවරිය(මහා නීලි)
වේ
සෙම සහ වතය සමනය කිරීමේ සුවිශේෂි ගුණයක් නිල් අවරිය වලට තිබෙ.වේදනා නාශක ගුණය ද ඇත.වණ සහ ගෙඹුරු තුවාල සදහා ද ප්‍රශස්තය.පණුවන් සහ ශරීරගත විස නසයි.කුෂ්ට රෝග සදහා දසුව ලබ දෙන්නේ රුධිරය පිරිසුදු කිරීමේ ගුණ හෙතුවෙනි.

මී විසට ප්‍රතිකාර කිරීමේදී නිල් අවරිය බහුලව යොදා ගැනේ.නිල් අවරිය කොල ඉස්ම යොදා තැනෙන තෙල් කේශ වර්ධනයට මෙන්ම කලු වීම සදහ ද චිරප්‍රසිද්ධය.
පාංශු සංරක්ෂණයේ දී ශාක වැටි සදහ මෙන්ම  පුරන් කුඹුරු ආදියේ මුඩු බිම් වලද වගා කිරීමෙන් අමතර අදායමක් ලබා ගත හැක, අමුවෙන්  අලවි  කිරීමද අමතර වාසියකි.

නිල් අවරිය යොදා සැදෙන  අත් බෙහෙත් කීපයක්
1)මී විසට
නිල් අවරිය කොල කලං 12ක් ගෙන වතෞර අඩු කෝප්ප අටක් දමා එකට සිදගෙන එයින් භාගය බගය බෙගින් උදේ සවස දින තුනක්  පමණ පානය කරන්න
2)මැලේරියවට
නිල් අවරිය කොල සහ මුල් සම පමණ ගෙන තම්බා බොන්න.
3)කම්මුල් ගායට
අවරිය කොළ සියුම්ව අඹරා කම්මුල් වල ගාන්න.
4)මුත්‍රා අඩස්සියට/මුත්‍රාගල්
අවරිය මුල් ටිකක් ගෙන එළු කිරි දම සියුම්ව අඹරගෙන බීම.
5)දත් කැක්කුමට
හොඩින් පිරිසින්දු කරගත් අවරිය මුල් කෙබෙල්ලක් හොදින් සපා කෙල ගිලින්න.
6)රතගයට
අවරිය මුල් සහ කරල් සියුම්ව අඹර බීමට දෙන්න
7)පණු අමාරුඅට
අවරිය මල් සහ කරල් සියුම්ව අබරා බීමට දීමෙන් පණු අමාරුවෙන් සහනය ලබ ගත හැක.
8)රත බිබිලි සදහා
අවරිය කොල තම්බා එම වතුරෙන් බිබිලි සොදන්න,එම කොල ඇල් දියෙන් අඹර බිබිලි මත ගල්වන්න. බ්
බලන්න කොයි තරම් වටින ශාකයක්ද කියල, අපි මේ ශාකය අරක්ෂා කරගනිමු ඊලග පරම්පරවටත්, නැවත ලිපියක් සමග හමු වෙමු. යහ්ලුවන්ටත් ෂෙයාර් කරන්න

පරිඝණකයක් භාවිතා කරන ඔබට වැදගත් කරුණු කිහිපයක්, කියවා බලන්න

ඔබ පරිඝනකයක් භාවිතා කරනවානම් මෙය කියවා බලන්න, ඔබට ඉතාමත් වදගත් වේවි



ඔබ පරිඝනකයත් සමග  වැඩ කරනවිට ඔබට විවිධාකාර ගැටළු වලට මුහුන පන්නට සිදුවෙනවා එවිට ඔබ කුමක්ද කරන්නේ. පරිඝනකය ගැන දන්නා කෙනෙක්ගෙන් සහය ලබා ගන්නවා නේද. නමුත් ඔබ උත්සහ කරාද එම දෝෂය මග හරවාගන්නට ඔබටම හැකිවේද කියා, හැකි වුනා නම් ඔබට කොපමන සතුටක් දැනෙයිද.


1)ඔබගේ පරිඝනකයේ අන්තර්ජාලය සම්බන්ධ දෝශයක් අතිවු අවස්ථාවක
විසදුම -
ඔබ ඩොනග්ල් භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසෙන්නේ නම් .ඔබගේ ගිණුමේ ඩේට හෝ මුදල් තිබේ දැයි පරීක්ෂා කර බලන්න
ඉන් පසුව ඩොනග්ල් එක නිසි අයුරින් usb පොර්ට් එකට සම්බන්ද කර අත්දැය් බලන්න.

තවද ඔබ රැහැන් සහිතව අන්තර්ජාලයට පිවිසීමට උත්සහ කරන්නේ නම් මුලින්ම ඔබගේ අන්තර්ජාල සමගමට කථා කරල දැනගන්න අන්තර්ජාල සම්බන්දතාවයේ තත්වය ගැන.ඉන් පසු බලන්න රැහැන් නිසි අයුරින් plug වී  අතිදැයි බලන්න.සම්බන්ද වී අති නම් පරිඝනකයේ එම වයරය සම්බන්ද වී අති ස්තානයේ කොල පාට බුල්බ් 1ක් දැල්වේ. ඒ පිලිබදව අවදානය යොමු කරන්න.රවුටරයේ බුල්බ පත්තුවෙනවද බලන්න.

මෙමගින් ඔබට ඒ පිළිබදව අවදානයක් ගත හැක


2) අපි හිතමු අපේ පරිඝණකයේ අපට message  1ක් පෙන්නනවා කියල low on memory එහෙම උනොත් අපි මොකද කරන්නේ.alt+ctrl+del මගින්  Task Manage ගෙන අනවශ්‍ය  programs close කිරීම් මගින් එම දෝශය මගහරවා ගත් හැක

3)ඔබගේ පරිඝණකයේ  memory errors එකක් අවොත්, virus ගර්ඩ් 1 ක්‍රියාත්මක කරන්න. scan  කරන්න

4) ඔබගේ පරිඝනකය  crashes උනොත්.මුලින්ම පරිඝණකය restart  කරන්න.ඉන් පසු ScanDisk ක්‍රියත්මක කරන්න ඉන් පසු එමගින්  අපිට අපගේ පරිඝනකයේ දොශ කිහිපයක් පෙන්නුම් කරාවි ඉන් පසුව එමගින් එම දෝශ fixed  වේ. ඒ වගේම තමයි defragment  කලහැක.එමගින්ද එම දෝශය මගහරවා ගත හැක

මෙවැනි දෝශයක් මග හරවා ගැනීමට ඔබ දැනුවත්ව සිටියාද? උත්සහා කරල බලන්නකෝ මෙවෙනි තවත් ලිපියකින් නැවත හමු වෙමු. යහලුවන්ටත් දැනගන්න share කරන්න.

වකුගඩු ආබාධ හදුනා ගැනීමට පොඩි ඉගියක්



මම මේ ලිපිය ලියන්නට හිතුවෙ මෙ දින වල බොහොමයක් අයගේ කථා බහට ලක් වෙන මාතෘකාවක් ගැන. අත්තටම කියනවනම් අපේ භාශාවෙන් කියනව නම් වකුගඩු අමරුව කියන්නෙ මහම මහ චාටර් ලෙඩක්.ලෙඩේ ගොඩාක් දුරට වන උනට පස්සෙ තමයි ඒ රෝගියාට දැනෙන්නේ එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි කියල තමා කියන්න තියෙන්නේ, ඊට පෙර රෝගය දැනගන්නට ලැබෙනවා කියන්නේ ඉතාම වාසනවක් කියල මට කියන්න පුළුවන්.

1)තුනටියේ කැක්කුම සහ වකුගඩු රෝගය අතර සම්බන්ධය
ඇත්තටම කියනව නම් වකුගඩු අමාරුවේ ප්‍රධානතම රෝග ලක්ෂණයය තමයි වකුගඩු ආශ්‍රිත කොන්දෙ කැක්කුම, මුලින්ම සුලු වේදනාවක් දැනුනද පසුව එය තීව්‍ර බවට පත්විය හැක,එම අවස්ථාවෙදී වකුගඩු ගොඩාක් දුරට නරක්වෙලා වෙන්න පුලුවන්.

2) තුනටියේ දෙපැත්තෙම වේදනාව් ඇති විය හැක එම අවස්ථාව වෙද්දී වකුගඩු 2කටම ගොඩාක් හානි වෙල වෙන්න පුලුවන්. එත් මම ඔයලට කියන 1 ම උපදේශය තමයි. පුංචිම පුංන්චි වේදනාවක් දින දෙක තුනකට වැඩියෙ තිබුනොත් අනිවර්යයෙන්ම වෛද්‍ය වරයෙක්ව මුන ගැසෙන්න.

3) මෙවැනි අවස්තාවක ඔයාලටත් පුලුවන් පොඩි වැඩක් කරන්න. ඒ තමයි UFR 1ක් සහ Serum Creatinine පරීක්ෂණයක් කරගන්න. එම පරීක්ෂණ දෙක සමාන්‍ය නම් කිසිම ප්‍රෂ්ණයක් නැහැ. නමුත් මම කීවා කියල වෛද්‍ය වරයව හමුවෙන්න යන්නෙ නැතුව ඉන්න එපා.

මෙම ලිපිය ඔබට වැදගත් උනානම් මේ පිලිබදව දැනගැනීම පිණිස යහලුවන්ටත් ශෙයර් කරන්න.

අකලට වැටෙන හිසකෙස් වලට පිලියම් කීපයක්

ඔබව ඉතාමත්ම අපහසුතාවයකට පත් කරන අකාලයේ හිසකෙස් ගැලවීම  බොහෝ දෙනෙකු ඉතාමත්ම අපහසුතාවයකට ලක් කරන දෙයක් බවට පත්වී  ඇත.මෙම ලිපියෙන් විශ්ව චාරිකා අපි බලපොරොත්තු වෙන්නේ අකලට හිස කෙස් ගැලවීයමට විසදුම් කීපයක් ඔබට පැවසීමටයි.මේ සදාහා මිනිත්තු කීපයක් කැප කර උත්සහ කර බලන්න.



1)මේධ අධික ආහාර සහ අඩු  මේධ සහිත ආහාර යන දෙවර්ගයම මගින් හිසකෙස් ගැලවී යාම වැඩිවීමට උපකාර වේ යැයි දැනට සොයාගෙන ඇත.මෙයට හේතුව වනුයේ මේධ අධික ආහාර මගින් ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් හෙමෝනය ස්‍රාවය කිරීම වැඩි කරයි ඒ වගේම අඩු මේධ සහිත අහාර මගින් ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය අඩුවෙන් ස්‍රාවය කරයි. නමුත් මෙම ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය සම්මත මට්ටමක පවත්වාගැනීමට ඔබ කටයුතු කල යුතුය.එසේ කිරීමට නම් ඔබේ ආහාරයේ අඩංගු මේධ ප්‍රමණය පාලනය කල ‍යුතුය.මෙමගින් හිසකෙස් වැටීම අඩු කරගත හැක.

2)ඔබ භාවිතා කරන shampoo එකේ මේවා අන්තර් ගතද කියා සැලකිලිමත් වෙන්න.
ඇමයිනෝ අම්ල,විටමින් B, සහ සින්ක් අඩංගු  නම් එම Shampoo එක හොදයි කියල අපිට කියන්න පුලුවන් ඒ වගේම මේවා මගින් ඔබගේ හිසකෙස් ගැලවීම අඩු කරන අතර හිසකෙස් වර්ධනය වීමට උපකාරී වේ

3)ඔළුව සේදීමට පෙර මෙම ආලේපය භාවිතා කර බලන්න.ඔබගේ හිසකෙස් වැටීම අනිවර්යයෙන්ම අඩුවේ.හෙනා,උළු හාල්,මීකිරි තලපයක් වන අයුරින් කවලම් කරගෙන ඔබගේ හිසේ අලේප කර විනාඩි 10 ක් පමණ කාලයක් තබන්න ඉන්පසු සෝදා හරින්න සතියකට වරක් වත් මෙය ආලේප කරන්න,

ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් ලිපියක් වන්නට ඇතැයි විශ්ව චාරික අපි සිතන්නෙමු.යහලුවන්ටත් දැන ගැනීමට ශෙයාර් කරන්න...

ඉතාමත්ම සරල නමුත් ඔබ නොදන්නා විශේෂ කරුණු 10ක් ඔබේ දැනුමට

අපි නොදත් සරලම සරල දේවල් 10ක් තමයි අද අපි විශ්ව චාරිකා විසින් ඔබට ගෙන ඒමට සූදානම් වන්නේ. බලන්නකෝ ඔයාලා මේ පිළිබදව දන්නවාද කියා.ඉතාමත්ම කෙටි ලිපියක් වන මෙහි වටිනාකම ඉතාමත්ම ඉහල වෙනවා

1)සමනලයින් රස බලන්නේ තම පාද වලින් බව ඔබ දන්නවාද?










2)උඩක සිට බිමට පනින්නට බැරි එකම ක්ෂීරපායි සත්වයා අලියා වේ

3)ලොව ලොකුම බිත්තරය දමන්නේ මෝරුන් වේ












4)දිනකට ලොව පුරා ජලය ගැලුම් බිලියන 400ක් පමණ පාවිච්චි කරණවා කියා ඔබ දන්නවාද?

5)ලොව වැඩියෙන්ම කතාකරන භාෂාව චීන මැන්ඩරියන් භාෂාවයි

6)ජලය සෑදී ඇත්තේ ඔක්ෂිජන් සහ හයිඩ්‍රජන් වායුන් එකතුවීමෙනි

















7)ලොව කුඩාම පියාපත් ඇති කෘමියා වන්නේ ටැන්සානියනු පරපෝෂිත දෙබරාය(parastic wasp).ඌගේ පියපත්, ගෙමැස්සෙක්ගේ දෙනෙත් තරම් කුඩා බව ඔබ දන්නවද?











8)අළු තල්මසා වැඩිම දුරක් පිහිනායන මත්සයා වේ,උන් ආර්ක්ටික් වල සිට මැක්ෂිකෝ දක්වා සැතපුම් 12,500 පිහිනාගොස් නැවත ආර්ක්ටික් පෙදෙසටම ය‍යි









9)සමහර උණ ගස් දිනකට අඩි 3ක් පාමණ උසට වැඩෙන බව ඔබ දන්නවාද?













10)ලොව උපදින දරුවන්ගෙන් 2000කට එක් අයෙකුගේ දත් ඇති බව ඔබ දන්නවාද?

ඔබ මේ පිළිබදව දැනුවත්ද? යහලුවන්ටත් දැන ගැනීම පිණිස ශෙයාර් කරන්න.,නැවත වටිනා ලිපියකින් හමුවෙමු.