බොහෝමයක් රෝග වගේ මුත්‍ර ගල් ඇති වීමට හේතුව තමයි තමන්ගේ තියෙන නොසැලකිලිමත්කම. අපි මුලින්ම බලමු මුත්‍ර ගල් අති වෙන්නට හේතුවන කරුණු කාරනා මොනවාද කියල...
1)මූලිකම හේතුව වන්නේ ප්‍රමාණවත් තරමට වතුර නොබීම.
2)අහිතකර ආහාර පාන පරිභෝජනය
අහිතකර ආහාර පාන කියන්නේ අන්නසි,අච්චාරු විනාකිරි, බහුල ආහාර පරිභෝජනය කිරීම
3)කිවුල් ජලය පානය කිරීම
තවද මුත්‍රා නොකර තද කරගෙන සිටීම වැනි ක්‍රියාකාරකම් නිසා මුත්‍රා ගල් අති වීම සිදුවේ
රෝග ලක්ෂණ
1)කොන්ද කැක්කුම
2)මුත්‍ර දැවිල්ල
3)දෙපා හිරි ගතිය
4)යටි බඩ කොරවීම
5)වමන ස්වභාවය
6)කෑම අප්‍රිය වීම
7)මුත්‍ර සමග ලේ යාම
8)මුත්‍ර පිටවීමේ වේගය ඉතාමත් අඩුවේ

මුත්‍රා ගල් වලට අත් බෙහෙත් කීපයක්
මුත්‍ර ගල් වලට අක්කපාන ඉතාමත්ම ගුණ ඔසුවකි.අක්කපාන කොල මලවා කෑම ඉතාමත්ම හොදයි,ඒ වගේම සම්පූර්ණ ශාකයම ගෙන කොටා යුශ අරගෙන මීපැණි දාලා දවස ගානේ පාන්දරම හිස් බඩ බීවම ගල් දියවෙනව.
හේන් කැකිරි ඇට කැද වගේම,එම කැකිරි ඇට අඹරා කැකිරි මාලුවට දමා කෑමත් ඉතාමත් හොදයි.
යහලුවන්ටත් දැන ගැනීම සදහා Share කරන්න