ජලයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
ඔබ දන්නවාද? ඔබේ ශරීරයේ බරෙන් 60% ක් පමණ ජලය තිබෙන බව.ශරීර උෂණත්වය පාලනය කිරීමට හා ශරීර ක්‍රියාකාරීත්වයන්ට ජලය ඉතාමත්ම වැදගත් වෙනවා.ඔබේ ශරීරයට අවශ්‍ය කරන ජලය ප්‍රමාණය ඔබ ජීවත් වෙන පරිසරය අනුව වෙනස් වෙනවා ඒ වගේම කාලගුණය මතද ඔබට අවශ්‍ය ජලය ප්‍රමාණය තීරනය වෙනවා.
ඔබේ ශරීරයේ පටක, එ වගේම හන්දි ජලය මගින් ආරක්ෂා කරයි
ජලය ඔබේ පිපාසය සන්සිදවනවා වගේම ඒමගින් ඔබේ ශරීරයේ උෂ්ණතවයද පාලනය කරනව.එමගින් ඔබේ ශරීරයේ තිබෙන පටක වල තෙතමනය ආරක්ෂා කරමින්,පටක වල ක්‍රියාකාරිත්වය වැඩි කරනව.තවද ජලය ලිහිසි තෙල් වර්ගයක් ලෙස ක්‍රියා කරමින් හන්දි වල ක්‍රියාකාරිත්වය වැඩි කරයි
ආහාර දිරවීමටද ජලය උදව් කරයි
ආහාර දිරවීම ආරම්භ වන්නේ කෙල වලිනි කෙල වල ප්‍රධාන සංඝඨකය වන්නේ ජලයයි.තවද ආහාර බඩවැල දිගේ පහලට ගමන් කිරීමට කෙල උදව් කරනව.ඒ වගේම ආහාර වල අති පෝෂක අන්ගුලිකා වලට උරා ගැනීමට ජලය උදව් වෙනවා.
ඔබට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය කොපමණද?
මේ සදහා විශේෂිත වු ස්තිර ජල ප්‍රමානයක් කිව නොහැක.නමුත් සමාන්‍ය පුද්ගලයෙකු දිනකට ජලය ලීටර් 2ක් වත් පානය කල යුතු වන අතර එම ප්‍රමාණය පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වේ.තවද තමන්ට අවශ්‍ය ජල ප්‍රමාණය පානය කර අතිදැයි තමන්ටම නිරීක්ෂණය කල හැක.මුත්‍ර වල පැහැය තද පාටක් නම් තමන් පානය කල ජල ප්‍රමාණය ප්‍රමාණවත් නැත. මුත්‍ර වල පැහැය පෙහැදිලි පාටක් නම් ප්‍රමාණවත්ව ජලය පාණය කර ඇත.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමෙන් වකුගඩු, හා මුත්‍රාශය සම්බන්ද රෝග සෑදීමේ සම්භාවිතවය අඩුවන අතර මුතාශයේ ගල් වකුගඩු වල ගල් ඇතිවීම වලක්වනවා.