අත් බෙහෙත් කීපයක්(නිල් අවරිය)

සුවිශෙෂී ගුණ සමුදායකින් හෙබි නිල් අවරිය ශකයේ පංචන්ගයම ඖෂධ පිණිස යොදගැනේ,එනම් කොළ, පොතු, මල්,ගෙඩි සහ මුල් ය.නිල් අවරිය ශාක ප්‍රභේද දෙකකි.
1)අවරිය(නීලිනී)
2)මහ අවරිය(මහා නීලි)
වේ
සෙම සහ වතය සමනය කිරීමේ සුවිශේෂි ගුණයක් නිල් අවරිය වලට තිබෙ.වේදනා නාශක ගුණය ද ඇත.වණ සහ ගෙඹුරු තුවාල සදහා ද ප්‍රශස්තය.පණුවන් සහ ශරීරගත විස නසයි.කුෂ්ට රෝග සදහා දසුව ලබ දෙන්නේ රුධිරය පිරිසුදු කිරීමේ ගුණ හෙතුවෙනි.

මී විසට ප්‍රතිකාර කිරීමේදී නිල් අවරිය බහුලව යොදා ගැනේ.නිල් අවරිය කොල ඉස්ම යොදා තැනෙන තෙල් කේශ වර්ධනයට මෙන්ම කලු වීම සදහ ද චිරප්‍රසිද්ධය.
පාංශු සංරක්ෂණයේ දී ශාක වැටි සදහ මෙන්ම  පුරන් කුඹුරු ආදියේ මුඩු බිම් වලද වගා කිරීමෙන් අමතර අදායමක් ලබා ගත හැක, අමුවෙන්  අලවි  කිරීමද අමතර වාසියකි.

නිල් අවරිය යොදා සැදෙන  අත් බෙහෙත් කීපයක්
1)මී විසට
නිල් අවරිය කොල කලං 12ක් ගෙන වතෞර අඩු කෝප්ප අටක් දමා එකට සිදගෙන එයින් භාගය බගය බෙගින් උදේ සවස දින තුනක්  පමණ පානය කරන්න
2)මැලේරියවට
නිල් අවරිය කොල සහ මුල් සම පමණ ගෙන තම්බා බොන්න.
3)කම්මුල් ගායට
අවරිය කොළ සියුම්ව අඹරා කම්මුල් වල ගාන්න.
4)මුත්‍රා අඩස්සියට/මුත්‍රාගල්
අවරිය මුල් ටිකක් ගෙන එළු කිරි දම සියුම්ව අඹරගෙන බීම.
5)දත් කැක්කුමට
හොඩින් පිරිසින්දු කරගත් අවරිය මුල් කෙබෙල්ලක් හොදින් සපා කෙල ගිලින්න.
6)රතගයට
අවරිය මුල් සහ කරල් සියුම්ව අඹර බීමට දෙන්න
7)පණු අමාරුඅට
අවරිය මල් සහ කරල් සියුම්ව අබරා බීමට දීමෙන් පණු අමාරුවෙන් සහනය ලබ ගත හැක.
8)රත බිබිලි සදහා
අවරිය කොල තම්බා එම වතුරෙන් බිබිලි සොදන්න,එම කොල ඇල් දියෙන් අඹර බිබිලි මත ගල්වන්න. බ්
බලන්න කොයි තරම් වටින ශාකයක්ද කියල, අපි මේ ශාකය අරක්ෂා කරගනිමු ඊලග පරම්පරවටත්, නැවත ලිපියක් සමග හමු වෙමු. යහ්ලුවන්ටත් ෂෙයාර් කරන්න

Share this

Related Posts

:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
$-)
(y)
(f)
x-)
(k)
(h)
cheer